සුරැකුම් සහයක ” සාත්තු සේවා පුහුණු පාඨමාලාව- 2026 සමාරම්භක උත්සවය උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්රධානත්වයෙන් අනුරාධපුර පිහිටි පළාත් සෞඛ්ය සේවා පුහුණු මධ්යස්ථානයේදී පසුගියදා පැවැත්විණ.
උතුරු මැද පළාත් සභාවේ මෙහෙයවීම යටතේ 2022 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම පුහුණු පාඨමාලාව පසුව නතර වූ අතර, එය නැවතත් 2024 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන මඟින් සිදු කරන ලබන ” සුරැකුම් සහයක” සාත්තු සේවා පුහුණු පාඨමාලාව පස්වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය මෙසේ ආරම්භ විය.  තරුණ තරුණියන් 52  සිටින අතර ඔවුන් සඳහා දින 45ක පුහුණු පාඨමාලාව පැවැත් වේ. පුහුණුවෙන් පසු ඔවුන් සඳහා ජාත්යන්තර පිළිගැනීමක් ඇති NVQ Level 3 සහතික පත්රයක් පිරිනැමේ. පළාත් යෞවන කටයුතු අමාත්යාංශයේ ප්රතිපාදන මේ සඳහා වැය කෙරේ.
මෙම පාඨමාලාව සමාරම්භක අවස්ථාවට පළාත් ප්රධාන ලේකම් රංජන ජයසිංහ, ප්රධාන අමාත්යාංශයේ ලේකම් සමන්ත ජයලත්, සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් ආර්.එම්.ඩි.පි. පුෂ්පකුමාරි, සමූපකාර වෙළඳ හා ආහාර ප්රවාහන කර්මාන්ත සංවර්ධන අමාත්යාංශ ලේකම් ශ්රි ස්කන්ධකුමාර, පළාත් සෞඛ්ය සේවා නියෝජ්ය අධ්යක්ෂ (විශේෂඥ වෛද්ය) නෙළුම් සමරු තිලක, ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උතුරු මැද පළාත් ජ්යෙෂ්ඨ කළමණාකාර ජී.ජි.පී.විජේවර්ධන, පළාත් සෞඛ්ය පුහුණු මධ්යස්ථානයේ ආයතන භාර වෛද්ය නිළධාරි උදයංගනි සුභවීර ,මහජන සෞඛ්ය පරික්ෂක තුෂාර ඉන්දික, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත්, ක්රමසම්පාදන අධ්යක්ෂවරුන් වන දිල්රුක් රත්නායක, බංඩාර බුලත්සිංහල යන මහත්ම මහත්මීන් සහ සෞඛ්ය කාර්ය මණ්ඩල ඇතුළු පුහුණු අභ්යාසලාභීන් සහභාගි විය.
සුරැකුම් සහයක ” සාත්තු සේවා පුහුණු පාඨමාලාවේ පුහුණුවීම්